මේ ලිපිය, blog ලියන අයට ගොඩක් වැදගත් වෙයි කියල
හිතුවා. අද මම කියන්න යන්නේ Blogger’s code of conduct ගැන.(මේකට කියන සරල සිංහල තේරුම
හොයාගන්න බැරි වුණා.)
“code of conduct” 1ක් කියල කියන්නෙ ආචාර ධර්ම
පද්ධතියක්. වඩාත් සවිස්තරව කියනවනම් “යම් කිසි
විශේෂිත කණ්ඩායමකට අයත් පුද්ගලයින්
විසින් පිලිපැදියයුතු සම්මුතිගත මුලධර්ම (රිති) සංචිතයකි.
![]() |
| Tin O’Reilly |
ඉතින් දැන් මම කියන්න යන්නෙ blogger කෙනෙකු හැටියට
ඔයා පිළිපැදිය යුතු ආචාර ධර්ම සම්බන්දවයි.
Blog ලියන්නන්ගේ ආචාර ශීලිත්වය දියුණු කිරීම සඳහා මෙවැනි මුලධර්ම පද්ධතියක්
හඳුන්වා දියයුතු බවට
| Jimmy Wales |
New York Times පුවත් පතට අනුව O’Reilly සහ Jimmy
Wales නිර්මාණය කරන ලද මුලධර්ම සංචිතයට පාදක කරගෙන ඇත්තේ කාන්ත blog රචිකාවන්ට සහය
දක්වන ජාලයක් වන BlogHer ජාලය විසින් සම්පාදිත ලේඛනයක් සහ අනෙකුත් blog රචකයන් ගේ
අදහස් ය. මෙහිදී ඔවුන් කරුණු 7 කින් සමන්විත ලේඛනයක් ඉදිරිපත් කර ඇත.
ඒවා නම්:
1.
ඔබ විසින් රචනා කරන ලිපි සම්බන්ධව පමණක් නොව, ඒ
සඳහා පාඨකයන් විසින් පල කරන අදහස් පිළිබඳවද සම්පුර්ණ වගකීම රචකයා විසින් දැරිය
යුතුය.
2.
නින්දා සහගත සහ අසබ්ය අදහස් පළකිරීම පිළිබඳව
blog රචකයාගේ ස්ථාවරය සඳහන් කල යුතුය.
3.
නිර්නාමික පාඨක අදහස් ඉවත් කිරීම පිලිබඳ
සැලකිලිමත් වියයුතුයි.
4.
අරුත් රහිත ලිපි පළකිරීමෙන් වැළකිය යුතුයි.
5.
යම් යම් අවස්ථා වලදී සමහර පුද්ගලයන් සමග සාකච්චා
පැවැත්වීමට සිදුවුවහොත් සෘජුව අදහස් ප්රකාශ කලයුතු අතර එසේ නොහැකිනම් ඒ සඳහා
සුදුසු තුන්වන පාර්ශවයක් සහභාගිකර ගත යුතුයි.
6.
ඔබගේ blog අඩවිය තුල යම්කිසි පුද්ගලයෙකු එයට
නොගැලපෙන ලෙස ක්රියා කරයිනම් ඒ බව ඔහුට සෘජුව පවසන්න.
7.
යම්කිසි පුද්ගලයෙකුට පෞද්ගලිකව පවසියයුතු දෙයක්
කිසිවිටෙක ප්රසිද්ධියේ (online) නොපවසන්න.


එල එල :D, පුලුවන් නම් මේකෙ කැප්චා අයින් කරන්නකෝ!
ReplyDeleteදැන් හරි
ReplyDelete