Saturday, March 1, 2014

Blogger's Code of Conduct

මේ ලිපිය, blog ලියන අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතුවා. අද මම කියන්න යන්නේ Blogger’s code of conduct ගැන.(මේකට කියන සරල සිංහල තේරුම හොයාගන්න බැරි වුණා.) 


“code of conduct” 1ක් කියල කියන්නෙ ආචාර ධර්ම පද්ධතියක්. වඩාත් සවිස්තරව කියනවනම් “යම් කිසි
Tin O’Reilly
විශේෂිත කණ්ඩායමකට අයත් පුද්ගලයින් විසින් පිලිපැදියයුතු සම්මුතිගත මුලධර්ම (රිති) සංචිතයකි.
ඉතින් දැන් මම කියන්න යන්නෙ blogger කෙනෙකු හැටියට ඔයා පිළිපැදිය යුතු ආචාර ධර්ම සම්බන්දවයි.  Blog ලියන්නන්ගේ ආචාර ශීලිත්වය දියුණු කිරීම සඳහා මෙවැනි මුලධර්ම පද්ධතියක් හඳුන්වා දියයුතු බවට

මුලින්ම යෝජනා කර ඇත්තේ 2007 වර්ෂයේදී Tin O’Reilly විසිනි. එයට මුලිකම හේතුව වී ඇත්තේ blog රචකයන් මුහුණ දුන් විවිධාකාර  තර්ජන සහ විවිධ නීතිමය ප්‍රශ්නයි. මෙවැනි ගැටළු වලින් blog රචකයන්
ආරක්ෂා කරගැනීම සඳහා මෙවැනි මුලධර්ම පද්ධතියක් අවශ්‍ය බව Tim O’Reilly විසින් ප්‍රකාශ කරන ලදී.
 Jimmy Wales
New York Times පුවත් පතට අනුව O’Reilly සහ Jimmy Wales නිර්මාණය කරන ලද මුලධර්ම සංචිතයට පාදක කරගෙන ඇත්තේ කාන්ත blog රචිකාවන්ට සහය දක්වන ජාලයක් වන BlogHer ජාලය විසින් සම්පාදිත ලේඛනයක් සහ අනෙකුත් blog රචකයන් ගේ අදහස් ය. මෙහිදී ඔවුන් කරුණු 7 කින් සමන්විත ලේඛනයක් ඉදිරිපත් කර ඇත.
ඒවා නම්:
 1.       ඔබ විසින් රචනා කරන ලිපි සම්බන්ධව පමණක් නොව, ඒ සඳහා පාඨකයන් විසින් පල කරන අදහස් පිළිබඳවද සම්පුර්ණ වගකීම රචකයා විසින් දැරිය යුතුය.
 2.       නින්දා සහගත සහ අසබ්‍ය අදහස් පළකිරීම පිළිබඳව blog රචකයාගේ ස්ථාවරය සඳහන් කල යුතුය.
 3.       නිර්නාමික පාඨක අදහස් ඉවත් කිරීම පිලිබඳ සැලකිලිමත් වියයුතුයි.
 4.       අරුත් රහිත ලිපි පළකිරීමෙන් වැළකිය යුතුයි.
 5.       යම් යම් අවස්ථා වලදී සමහර පුද්ගලයන් සමග සාකච්චා පැවැත්වීමට සිදුවුවහොත් සෘජුව අදහස් ප්‍රකාශ කලයුතු අතර එසේ නොහැකිනම් ඒ සඳහා සුදුසු තුන්වන පාර්ශවයක් සහභාගිකර ගත යුතුයි.
 6.       ඔබගේ blog අඩවිය තුල යම්කිසි පුද්ගලයෙකු එයට නොගැලපෙන ලෙස ක්‍රියා කරයිනම් ඒ බව ඔහුට සෘජුව පවසන්න.
 7.       යම්කිසි පුද්ගලයෙකුට පෞද්ගලිකව පවසියයුතු දෙයක් කිසිවිටෙක ප්‍රසිද්ධියේ (online) නොපවසන්න.

2 comments:

  1. එල එල :D, පුලුවන් නම් මේකෙ කැප්චා අයින් කරන්නකෝ!

    ReplyDelete