චායාරූප බාවිතයෙන් finger print එක duplicate කළහැකි බව Jan Krissler නම්වූ hacker කෙනෙකු විසින් ඉදිරිපත් කර ඇත. ජර්මනියේ පැවති Chaos Computer Conference හිදී ඔහු මේ පිළිබඳව සජීවීව පැහැදිලිකර ඇත. (එම වීඩියෝව පහතින් නරඹන්න.) ඔහු මෙම අවස්ථාවේදී පිටපත් කර ඇත්තේ ජර්මානු ආරක්ෂක අමාත්‍යවරයාගේ ඇඟිලි සලකුණයි. ඔහු මෙහිදී සඳහන් කලේ අමාත්‍යවරයා ජනතාව ඉදිරියේ කථාවක් පවත්වමින් සිටි අවස්ථාවක ඔහුට අඩි 9ක් පමණ දුරින් සිටිමින් සාමාන්‍ය digital කැමරාවක් බාවිතා කරමින් අමාත්‍යවරයාගේ ඇඟිල්ලේ චයරූප ලබාගත් බවයි. Jan Krissler මෙම finger print duplicate කිරීම සඳහා VeriFinger නම් වූ මෘදුකාංගයක් බාවිතාකර ඇත.
මේ අනුව Jan Krissler පෙන්වා දෙන්නේ වර්තමානයේ වඩාත් ආරක්‍ෂිත ක්‍රමවේදයක් ලෙස සලකුණ finger print digita කැමරාවක් සහ මෘදුකාංග බාවිතයෙන් ඉතාම පහසුවෙන් duplicate කරගත හැකි බවයි.

No comments:
Post a Comment