Tuesday, December 30, 2014

ඇඟිලි සලකුනත් අනාරක්ෂිතයි.

අද මම කියන්න හදන්නේ Finger Print ගැන. ඔයාල කවුරුත් දන්නවා කෙනෙක්ගේ Finger Print එකෙන් පුළුවන් ඒ පුද්ගලයාව හඳුනා ගන්න. ඒ කියන්නේ එක් එක් පුද්ගලයාටම අනන්‍ය වූ දෙයක් තමයි Finger Print එක කියන්නේ. ඒ නිසාම වර්තමානය වෙනකොට බොහොමයක් ආයතන ඔවුන්ගේ විවිධ කටයුතු වලදී පුද්ගලයන්ව හඳුනාගැනීම සඳහා Finger Print බාවිතා කිරීමට නැඹුරු වී තිබෙනවා. එමෙන්ම විවිධ පරිඝනක පද්ධති සඳහා බාවිතා වන password වෙනුවට ද වර්තමානයේ finger print භාවිතා කරනු ලබයි. මෙසේ finger print, password සඳහා භාවිතා කිරීම ආරක්ෂිතද?

Saturday, March 1, 2014

Blogger's Code of Conduct

මේ ලිපිය, blog ලියන අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතුවා. අද මම කියන්න යන්නේ Blogger’s code of conduct ගැන.(මේකට කියන සරල සිංහල තේරුම හොයාගන්න බැරි වුණා.) 

Online shopping කරලා car එකට deliver කරගන්න.


මේ මගේ මුල්ම blog එකේ මුල්ම ලිපිය. blogging ගැන මහා ලොකු අද්දැකීමක් නැති උනත් blog 1ක් ලියන්න ආසාවක් තිබුන නිසා වැඩේට අත ගැහුව. මොකක් හරි දෙයක් සාර්ථක වෙන්න හෝ නොවෙන්න ආරම්භයක් තියෙන්න ඕනිනේ.
වැඩේට ආරම්භයක් ගන්නත් එක්ක මුල්ම ලිපියෙන් කියන්න හදන්නේ volvo සමාගමෙන් හඳුන්වා දෙනු ලබන අලුත්ම සේවාවක් ගැන. මේකට කියන්නෙ roam delivery කියල. නිතරම online shopping කරන අයට මේ අලුත් system 1ක ගොඩක් වැදගත් වෙයි. දැනට මේක නියමු ව්‍යාපෘතියක් ලෙස ස්වීඩනයේ ක්‍රියාත්මක වෙනව. (ශ්‍රී ලංකාවේ අපිටනම් මේක කවදා පාවිච්චි කරන්න ලැබෙයිද කියල කියන්න බෑ.)