අද මම කියන්න හදන්නේ Finger Print ගැන. ඔයාල කවුරුත් දන්නවා කෙනෙක්ගේ Finger Print එකෙන් පුළුවන් ඒ පුද්ගලයාව හඳුනා ගන්න. ඒ කියන්නේ එක් එක් පුද්ගලයාටම අනන්‍ය වූ දෙයක් තමයි Finger Print එක කියන්නේ. ඒ නිසාම වර්තමානය වෙනකොට බොහොමයක් ආයතන ඔවුන්ගේ විවිධ කටයුතු වලදී පුද්ගලයන්ව හඳුනාගැනීම සඳහා Finger Print බාවිතා කිරීමට නැඹුරු වී තිබෙනවා. එමෙන්ම විවිධ පරිඝනක පද්ධති සඳහා බාවිතා වන password වෙනුවට ද වර්තමානයේ finger print භාවිතා කරනු ලබයි. මෙසේ finger print, password සඳහා භාවිතා කිරීම ආරක්ෂිතද?