Saturday, March 1, 2014

Online shopping කරලා car එකට deliver කරගන්න.


මේ මගේ මුල්ම blog එකේ මුල්ම ලිපිය. blogging ගැන මහා ලොකු අද්දැකීමක් නැති උනත් blog 1ක් ලියන්න ආසාවක් තිබුන නිසා වැඩේට අත ගැහුව. මොකක් හරි දෙයක් සාර්ථක වෙන්න හෝ නොවෙන්න ආරම්භයක් තියෙන්න ඕනිනේ.
වැඩේට ආරම්භයක් ගන්නත් එක්ක මුල්ම ලිපියෙන් කියන්න හදන්නේ volvo සමාගමෙන් හඳුන්වා දෙනු ලබන අලුත්ම සේවාවක් ගැන. මේකට කියන්නෙ roam delivery කියල. නිතරම online shopping කරන අයට මේ අලුත් system 1ක ගොඩක් වැදගත් වෙයි. දැනට මේක නියමු ව්‍යාපෘතියක් ලෙස ස්වීඩනයේ ක්‍රියාත්මක වෙනව. (ශ්‍රී ලංකාවේ අපිටනම් මේක කවදා පාවිච්චි කරන්න ලැබෙයිද කියල කියන්න බෑ.)


 සමීක්ෂණ වාර්තාවලට අනුව පසුගිය වසර තුල පමණක් 50%කට වැඩ වැඩි පිරිසක් ඔවුන් විසින් මිලදී ගන්නා ලද භාණ්ඩ ගෙන්වා ගැනීමේදී ගැටලුවලට මුහුණපා ඇතිබව හෙළිකරගෙන ඇත. එපමණක්නොව පළමු අවස්ථාවේ බෙදාහැරීමට නොහැකිවූ භාණ්ඩ නැවත බෙදාහැරීම සඳහා වාර්ෂිකව වැයවන අමතර වියදම යුරෝ බිලියන 1ක් පමණ වන බවට ගණන් බල ඇත(රුපියල් බිලියන 180ක් පමණ). වර්තමානයේ මිනිස් ජිවිත ඉතා සංකීර්ණ සහ කාර්යබහුල වී ඇති බැවින් මිලදී ගන්න ලද භාණ්ඩ ලැබෙනතුරු බලාසිටිම නිසා පුද්ගලයින්ගේ ආතතිය වැඩිකරවන බව හෙළිවී ඇත. මෙවැනි තත්වයන් අවම කිරීම සඳහා මෙම roam dilivery ක්‍රමය බෙහෙවින් ඉවහල් වේවි යයි volvo සමගම විශ්වාස කරයි.


 Roam dilivery කියන්නෙ ස්වයංක්‍රීය මෝටර් රථ වල තවත් ඉදිරි පිම්මක්. මෙහිදී සිදුවන්නේ ඇනවුම් කරන ලද භාණ්ඩය ඇනවුම් කරුගේ volvo මෝටර් රථය විසින් ලබා ගැනීමයි. මේ ක්‍රමය යටතේ දී ඇනවුම් කරුට තමන් මිලදී ගත භාණ්ඩය ලැබෙනතුරු මග බල සිටීමට අවශ්‍යනොවේ. භාණ්ඩය මිලදී ගැනීමෙන් පසු අදාල බෙදාහැරීමේ සමාගමට භාණ්ඩය ලබාදුන්විට ඇනවුම් කරුගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් ඒ බව දැනුම්දෙන අතර ඒ සමගම එය ඔහුගේ මෝටර් රථයවෙතට යොමු කිරීමට කැමති නම් ඒ සඳහා ද අනුමැතිය ජංගම දුරකථනය හරහාම ලබාදිය හැකිය. ඇනවුම් කරු විසින් ඇනවුම ලබාගැනීම සඳහා මෝටර් රථය තේරුවහොත් අදාල බෙදාහැරීමේ නියෝජිතයා වෙත digital යතුරක් සහ අදාල මෝටර් රථයේ පිහිටීමට අදාල GPS ඛණ්ඩාංක,රථයේ වර්ණය,වර්ගය සහ රථයේ ලියාපදිංචි අංකය ලබාදෙනු ඇත. එම තොරතුරු මගින් අදාල නියෝජිතයාට අවශ්‍ය මෝටර් රථය පහසුවෙන් සොයාගත හැකි අතර නියෝජිතයා අනවුම්කරුගේ මෝටර් රථය අසලට ගොස් ඔහුගේ smart දුරකතනයේ ඇති මෙම roam delivery ක්‍රමය සඳහාම ස්ථාපිත කර ඇති app 1කට එම ගනුදෙනුවට අදාල digital යතුර (අංකය) ඇතුලත් කිරීම මගින් මෝටර් රථයේ පසුපස දොර විවර කල හැකිවේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම digital යතුරක් මගින් මෝටර් රථය විවෘත්ත කල හැක්කේ එක් වරක් පමණක් වන අතර භාණ්ඩ වහනය තුලට දැමීමෙන් පසු එය නැවත අගුලු වැටේ. මෙසේ වාහනයට භාණ්ඩය ලැබීමෙන් පසු වාහනයේ හිමිකරුගේ (ඇනවුම්කරුගේ) ජංගම දුරකතනයට කෙටිපණිවිඩයක් යැවීම මගින් ඒ බව දැනුම් දෙනු ලැබේ.


 මෙම ක්‍රමය භාවිතා කිරීමේදී ආරක්ෂාව සම්බන්දයෙන් යම් යම් ගැටළු පවතින අතර මහජනතාව වෙත මෙය හඳුන්වාදීමට පෙර එම ගැටළු සඳහාද පිළියම් යොදන බවට මෙහි නිර්මාණ කරුවන් සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම පහසුකම ජනතාව වෙත හඳුන්වා දීම සඳහා තවත් වසර දෙකක් පමණ ගතවේ යැයි ඔවුන් ප්‍රකාශ කරයි.

2 comments:

  1. මේක ලංකාවට ආවොත් ඉතින් ඩිලිවරි කරනවා වෙනුවට ඩිකිය සුද්ද කරගන්න නම් පුලුවන් වෙයි.මොකද ලංකාවෙ වාහනයක ඩිකිය ඇරල තියෙනකොට කවුරුවත් ඒ දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑනෙ :P... දිගටම ලියන්න, හොඳ සටහනක්!

    ReplyDelete
  2. ස්තුතියි යාළුවා. අපි මොකක් හරි හොඳ විදියකට මේක වෙයි කියල බලාපොරොත්තු වෙමු.

    ReplyDelete